Goda Yamu Sinhala2023-06-21T21:55:24+05:30

wms ljqreo@

අපි රටේ අනාගතය වෙනුවෙන් සිදු කළ යුතු ආර්ථික ප‍්‍රතිසංස්කරණ සඳහා වැඩ කරන පුරවැසි එකමුතුවකි. ඕනෑම පක්ෂයක, මතවාදයක කෙනෙකුට මේ ආර්ථික ප‍්‍රතිසංස්කරණ සඳහා එකඟ නම් ඒ වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීමේ අපගේ මෙහෙවර සමග එක්විය හැකිය.

wfma wruqK@

අපගේ එකඟතාවය සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය විසින් ඉදිරිපත් කරන ලද, බොහෝ දේශපාලන පක්ෂ විසින් එකඟ වූ අවම ආර්ථික වැඩපිළිවෙලෙහි මූලික කාරණා පදනම් වේ.

wd¾Ól m%;sixialrK fudkjdo@

රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා සිදු කිරීමට අත්‍යාවශ්‍ය නමුත් දුෂ්කර ප‍්‍රතිසංස්කරණ සඳහා ජනතාව දැනුවත් කිරීම සහ පෙලගැස්වීම. එමෙන්ම එම ප්‍රතිසංස්කරණ සිදුකිරීමට ආණ්ඩුවට බලකිරීම.

wfma uQ,sl fmkS isàï

නිදහසෙන් පසු අප රටේ සෑම රජයක්ම විසින් පවත්වාගෙන යන ලද වන්නට රජය විසින් සියල්ල ලබා දිය යුතු යැයි සිතන සුබසාධනවාදී රාජ්‍ය මානසිකත්වයෙන් ඉවත් වීමේ අවශ්‍යතාවය රටට පැහැදිලි කිරීම.

රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් නතර කිරීම. විශාල රාජ්‍ය සේවකයන් ප‍්‍රමාණයක් නඩත්තු කිරීමේ පාඩුව.

පාඩු ලබන, අකාර්යක්ෂම රාජ්‍ය සංස්ථා පෞද්ගලීකරණය.

බදු සහ ගාස්තු ගෙවීමේ පුරවැසි වගකීම සහ රජයේ වියදම් පිළිබඳ පාරදෘෂ්‍යභාවයක අවශ්‍යතාව පැහැදිලි කිරීම.

ආයෝජන සඳහා හිතකර තත්වයක් නිර්මාණය කිරීමේ ප‍්‍රතිසංස්කරණ. උදා ඉඩම් අයිතිය සම්බන්ධ යෝජනා.

සමාජ ආරක්ෂණ ජාලයක අවශ්‍යතාවය සහ එය ඉලක්කගත කණ්ඩායම් වෙත යොමු කිරීමේ අවශ්‍යතාවය.

හුදු විවේචනය සහ නිශේධනය වෙනුවට ධනාත්මක බලාපොරොත්තුසහගත දිශාවකට ජනතාව යොමු කිරීම.

එමගින් ඔවුන්ට මේ දුෂ්කර තත්වයෙන් ගොඩයාමට ශක්තියක් වීම.

wmf.a ie,eiau

2022 නොවැම්බර් 01

ජානකී හෝටලයේදී මේ සාමූහිකයේ පළමු සාකච්ඡාව.

2022 නොවැම්බර් 09

නිදහස් චතුරශ‍්‍රයේදී පවත්වන මාධ්‍ය සාකච්ඡාවකින් ගොඩයමු සාමූහිකයේ අරමුණු ජනතාව වෙත පළමු වරට ප්‍රකාශ කිරීම සිදුවේ.

2022 නොවැම්බර් 12

එතැන් පටන් ආරම්භයේදී  දිස්ත්‍රික්ක 05ක සම්මන්ත්‍රණ පවත්වමින් දියත්වන මෙම ව්‍යාපාරය රට පුරා දිස්ත්‍රික්ක 25ක් දක්වා ගෙන යාම අපගේ අරමුණයි.

මීට අමතරව පුවත්පත් ලිපි, වීඩියෝ, සමාජ ජාලා පෝස්ට් ආදිය මගින් රට ගොඩගත හැකි අදහස් සමාජගත කිරීම සිදුවේ.

අපට ගොඩයන්න තියෙන පාර පටන්ගන්නට තියෙන තැන

අපි හැමෝම දන්නවා ලංකාව මේ මොහොතේ තියෙන්නෙ අමාරුවක වැටිලාය කියන | වැඩිදුර කියවන්න….

wmf.a wruqo,a

අපට අවශ්‍ය මුදල් ලබාදෙන්නේ පුද්ගලිකව මෙම අරමුණ වෙනුවෙන් පෙනී සිටීමට කැමති පුරවැසියන්ය. ඕනෑම කෙනෙකුට මේ ව්‍යාපෘතිය සඳහා තමන්ගේ අදහස්වලින්, ශ්‍රමයෙන් හෝ මුදලෙන් දායක වීමට හැකිය. සියලු අරමුදල්වල පාරදෘෂ්‍යභාවය ආරක්ෂා කෙරේ.

අපත් රටත් ගොඩයන මාවතට ඔබත් එක්වනු ඇතැයි ගෞරවයෙන් අපේක්ෂා කරමු

Go to Top